මප/කටු/ගලබාව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සාහිත්‍ය කළා උළෙල

SAM_0857.jpg
IMG-20240810-WA0009.jpg

            මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙ කටුගස්තොට කලාපයට අයත් තුම්පනේ අධ්‍යාපන කොටීඨාසයට අයත් පැරණිතම විදයාලයකි මහ/ගලබාව මහා විද්‍යාලය.

               මීට අවුරුදු සියයකට පෙර 1903 දි සිසු දරුවන් නව දෙනෙකු සදහා ඉතා කුඩා පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරමීභ කර ඇති අතර ප්‍රධානාචාර්යවරයා ලෙස එල් . බී. උදලාගම මහතා සදහන් වේ. ඉන් පසු කෙමෙන් දියුණු වූ මෙම විද්‍යාලයෙහි විදුහල්පති වරුන් 20 දෙනෙකු පමණ සේවය කොට ඇති අතර ප්‍රථම විදුහල්පතිණිය ලෙස පී. ඒ. කොයින්මැණිකේ මහත්මිය පාසැල් ඉතිහාසයට එක්ව ඇත. 

            1963 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට පත්වූ අතර වර්තමානයෙහි සිසුන් පන්සියයක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය තිස් දෙකකින් සමන්විත වෙී.

       2003 වර්ෂයට විද්‍යාලය අරඹා වසර සියයක් පිරීම නිමිත්තෙන් සමරු වැඩසටහන් මාලාවාක් වසර පුරා ක්‍රියාත්මක කළ අතර, නිවාසාන්තර ක්‍රීඩා උළෙල, සාම පූජා වැඩසටහන, සිංහල භාෂා ඒකකය පිහිටු වීම, සිගිති අවුරුදු උත්සවය, සියවස අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ආගමික වැඩසටහන් ඉතා සාර්ථකව අවසන් වී ඇත. මෙහි අවසන් අංගය ලෙස මෙම මස 24 සහ 25 යන දෙදින තුල සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය සහ පසු දින භික්ෂූන් වහන්සේලා පනස්නමක් විෂයෙහිලා දානමය පුන්‍ය කර්මයක්ද සිදු කෙරිණි.

             මහ/ගලබාව මහා විද්‍යාලයෙහි එදා මෙදාතුර අධ්‍යාපනය ලැබූ පිරිස ශ්‍රී ලංකාවේ නන්දෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සේවය කරන අතර ඔවුන්ගෙන් මෙන් ම දැනට විශ්ව විද්‍යාලවල සහ අධ්‍යාපන පීඨයන් හි ඉගෙනුම ලබන ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් විද්‍යාලයට මහත් ගෞරවයක් අත්ව ඇත. 

            වත්මන් සිසු පරපුර ද සමාජයේ නව ප්‍රවනතා හදුනාගෙන විනයගරුකව සහ උද්යෝගිමත්ව අධ්‍යාපන කටයුතු වල නිරතව සිටීම ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට හේතු වී ඇත. 

            සියවසක් පුරා විදුහලේ ප්‍රගතියට දායක වූ සියළුම විදුහල්පති වරුන් , ගුරු මහත්ම මහත්මීන් දෙමාපියන් , සුභපතන්නන් සිසු දරුදැරියන් ඇතුළු සියළු දෙනා ඉතා ගෞරවයෙන් සිහිපත් කරන අතර ඉදිරියේ තව තවත් ජයග්‍රහණ කරා ළගාවීම සදහා වත්මන් විදුහල්පතිණිය වන මංගලිකා රාජපක්ෂ මහත්මිය