මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්ක් කටුගස්තොට කලාපයට අයත් තුම්පනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් පැරණිතම විදයාලයකි මහ/ගලබාව මහා විද්‍යාලය.
මීට අවුරුදු සියයකටපෙර 1903 දි සිසු දරුවන් නව දෙනෙකු සදහා ඉතා කුඩා පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරම්භ කර ඇති අතර ප්‍රධානාචාර්ය වරයා ලෙස එල් . බී. උදලාගම මහතා සදහන් වේ. ඉන් පසු කෙමෙන් දියුණු වූ මෙම විද්‍යාලයෙහි විදුහල්පති වරුන් 20 දෙනෙකු පමණ සේවය කොට ඇති අතර ප්‍රථම විදුහල්පතිණිය ලෙස පී. ඒ. කොයින්මැණිකේ මහත්මිය පාසැල් ඉතිහාසයට එක්ව ඇත.
මෙම පාසලේ පැවති ප්‍රාථමික අංශය 2012 වර්ෂයේ දී ඉවත් කරන ලදි. වර්තමානයේදී සිසුන් 260 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය විසි දෙකකින් සමන්විත වේ.






